PACKAGES

Things To Do In MEEMURE

Water Adventure

Waterfall Slide

Trekking

Diyakerella Waterfall

"මීමුරේ අසිරිය වචනයට නැගීම අපහසුය..එය හුදෙක් විඳිය යුතුමය" 

එන්න..යමු මීමුරේ ..!!

මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු පන්තියට මායිම්ව ඇති සුන්දර මෙන්ම හුදකලා වූ ශ්‍රී ලාංකීය ඉපැරණි ගති පැවතුම් සිරිත් විරිත්, ආහාර, ජීවනෝපායන්, ගොවිතැන ක්‍රම, ගොවි උපකරණ, විවිධ ඇදහිලි, විශ්වාස, කෙම් ක්‍රම, ශාන්තිකර්මයන්ගෙන්ද, දේශිය වෙදකම ආදී අපෙ සිංහල සංස්කෘතියෙ පෙර තිබූ අද වේගයෙන් අපෙන් ඇත්වන සියලු දෙයින් පරිපූර්ණ මෙන්ම ලොවට අතනොපා සියල්ල ගම තුලින් පිරිමසා ගන්නා අපූරු ජීවන රටාවක් ගෙන යන ගැමියන් ජීවත් වන සුන්දර ගමකි මීමුරය.

මීමුරේ සංචාරයේදී, ගම පිහිටියේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර 35ක් පමණ නකල්ස් වනාන්තරය තුලට වන අතර ගමට යන මාර්ගයේ ශ්‍රී ලංකාවේ දක්නට ඇති ප්‍රධාන වනාන්තර වර්ග සියල්ලම පාහේ දැකගැනීමේ හැකියාවක ඇති අතර, දිය ඇලි මෙන්ම විශාල බැවුම්, කඳු මුදුන් අතරින් ගමට යන මාර්ගය අති සුන්දරය. එමෙන්ම ස්වභාවික නාන තටාකයන්, ලිස්සා යා හැකි දිය ඇලි, රිසි සේ නැගිය හැකි කඳු, ගොඩැලි හා ස්වභාව දහමේ අපූර්වත්වයෙන් ගස්වැල් වලින් නිර්මාණැය වී ඇති ත්‍රාසය, භීතිය, කුතුහලය හා සතුට ඇතිකරන අවස්තා උදාකරගත හැකි ස්තානයන්ගෙන් පරිපූර්ණ වූ ප්‍රදේශයකි මීමුරය.

Guiding

Rs.2000 per team

Per Day

Why Us ?

24/7 Support

+4000 Customers

Best Rates